Top Ad unit 728 × 90

Lankanvoice

இலங்கைச் செய்திகள்

Local News

කාත්තාන්කුඩිය පිලිබද මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමිපානන්ගේ ප්‍රකාශයට කාත්තාන්කුඩි නගර සභාව ඇතුළු සංවිධාන දැඩි විරෝධය



කාත්තාන්කුඩි ප්‍රදේශයේ ඉස්ලාමීය ශරියා නීතිය අනුව 20 දෙනෙකුට මරණ දඩුවම් ලබාදි ඇති බවටත් වහාබ් ත්‍රස්තවාදය අපගේ මාතෘ භූමියෙන් තුරන්කරමු "යනු තේමාව යටතේ බ්‍රහස්පතින්දා 4 නුගේගොඩදී පවත්වන ලද දැවැන්ත රැළියේදී මහාචාර්‍ය මැදගොඩ අබේතිස්ස හිම්පානන් පවසන ලදි

මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමිපානන්ගේ අසත්‍ය ප්‍රකාශ දැඩි ලෙස හෙළා දකින බවට කාත්තාන්කුඩි නගර සභාව ,පල්ලි හා මුස්ලිම් ආයතනයන් සම්මේලනය ,කාත්තාන්කුඩි ජම්ඉතුල් උලමා සභාව ඒකාබද්ධව පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී පවසන ලදී
මෙම මාධ්‍ය සාකච්ඡාවේදි කාත්තාන්කුඩි නගර සභාවේ නගරාධිපති එස් එච් එම් අස්ෆර් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමින්
ගෞරවනීය මහාචාර්ය හිමිපානන්ගේ අසත්‍ය ප්‍රකාශයක් බවත්ව් කාත්තාන්කුඩිය කෙරෙහි දිගටම හිමිවරුන් මහාචාර්යවරුන් ජාතිවාදි අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව දැඩි ලෙස හෙලාදකින ලදි
නුගේගොඩ රැස්විමේදී අසත්‍ය ප්‍රකාශ කල මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමිපානන්ට කාත්තාන්කුඩිහි වගකීමක් ඇති ආයතයන් සංවිධානයන් දැඩි ලෙස හෙලා දකින බවත් මේ සම්බන්ධව නීති උපදෙස් ලබාගෙන නීතිමය කටයුතු කරන බවට හෙතම කීය
මෙම මාධ්‍ය හමුවේදී කාත්තාන්කුඩි නගර සභාවේ නගරාධිපති එස් එච් එම් අස්ෆර්, කාත්තාන්කුඩි පල්ලි හා මුස්ලිම් ආයතනයන්හි සම්මේලනයේ සභාපති එම් ඒ සී එම් සත්තාර් ,ලේකම් ඒ එල් එම් සබීල් (නලීමි)ජම්ඉතුල් උලමා සභාවේ සභාපති ඒ එම් හාරූන්( රෂාදී)ලේකම් ටී එම් එම් අන්සාර් (නලීමී) ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් සහභාගිවිය
( බලපිටියේ අබූ ෆර්හාන්)
කාත්තාන්කුඩිය පිලිබද මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමිපානන්ගේ ප්‍රකාශයට කාත්තාන්කුඩි නගර සභාව ඇතුළු සංවිධාන දැඩි විරෝධය Reviewed by www.lankanvoice.lk on ஜூலை 07, 2019 Rating: 5

கருத்துகள் இல்லை:

All Rights Reserved by lankanvoice Media Network © 2024 - 2025
Powered By LankanVoice, Solution by lankantvlive

தொடர்பு படிவம்

பெயர்

மின்னஞ்சல் *

செய்தி *

Blogger இயக்குவது.